HNB Singithi – Future Sri Lanka Art Competition - 2022

 

HNB Singithi – Future Sri Lanka Art Competition - 2022

HNB Singithi – Future Sri Lanka Art Competition - 2022

HNB සිඟිති – අනාගත ශ්‍රී ලංකා චිත්‍ර තරගයට අදාළ පහත නියමයන් හා කොන්දේසි පහත සඳහන් පරිදි විස්තර කර ඇත.

1. සුදුසුකම්:
  • මෙම තරඟය විවෘත වන්නේ වයස අවුරුදු 4 සිට 16 දක්වා ළමයින් සඳහා පමණි.
  • සියලුම චිත්‍ර තරඟයේ තේමාවට අනුව සකසා තිබිය යුතුය: "අනාගත ශ්‍රී ලංකාව".
  • චිත්‍ර ඇඳීම/වර්ණ ගැන්වීම් දරුවාගේම නිර්මාණයක් විය යුතු අතර පරිගණක යොදා සකසන ලද කලා කෘතිවලට ඉඩ ලබා නොදේ. සියලුම චිත්‍ර අතින් ඇඳී තිබී හෝ අතින් වර්ණ ගැන්වී තිබිය යුතුය.
2. තරඟ කාලය

2022 ඔක්තෝබර් 1 සිට 31 දක්වා කාලය තුළ චිත්‍ර HNB Facebook පිටුව හරහා මාර්ගගතව (online) ඉදිරිපත් කළ හැකිය. සියලුම ඇතුළත් කිරීම් 2022 ඔක්තෝබර් 31 11:59 ප.ව EST වන විට මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය.

3. තරඟ නීතිරීති
  • තරගයට සහභාගී වීමෙන්, සහභාගිවන්නා මෙම නීතිරීතිවලට සම්පූර්ණයෙන්ම කොන්දේසි විරහිතව බැඳී සිටීමට එකඟ වන අතර, සහභාගිවන්නා නියෝජනය කරමින් ඔහු/ඇය විසින් මෙහි දක්වා ඇති සුදුසුකම් හෝ අවශ්‍යතා සපුරාලන බවට සහතික කරනු ලබයි. ඊට අමතරව, HNB හි තීරණ අවසාන මෙන්ම එය අන්තර්ගතයට අදාළ වන පරිදි ඔබ බැදී සිටිය යුතු ලෙස පිළිගැනීමට ඔබ එකඟ විය යුතුයි.

  • සත්‍යාපනය කිරීමේ අරමුණු සඳහා තරඟය අවසන් වන තෙක් සැබෑ චිත්‍රය/ සිතුවම සහභාගිවන්නා ලග තබා ගත යුතුය.

  • එක් ළමයෙක් වෙනුවෙන් එක් චිත්‍රයක් පමණක් තරගයට ඇතුළත් කර ගනු ලැබේ. චිත්‍ර එකකට වඩා ඉදිරිපත් කර ඇති නම් ඉදිරිපත් කළ පළමු චිත්‍රය සලකා බලනු ලැ‍බේ.

4. සහභාගී වන ආකාරය
  • තරඟයට ඇතුල් වීම සදහා:

පහත සඳහන් අනිවාර්ය විස්තර සහිතව HNB Facebook පිටුවේ වයස් කාණ්ඩයට අදාළ පෝස්ටුව යටතේ comment එකක් ලෙස චිත්‍රය යොමු කළ යුතුය. දරුවාගේ පහත විස්තර සදහන් කිරීම අනිවාර්ය වේ.

  • දරුවාගේ නම :
  • වයස :
ඉදිරිපත් කළ යුතු අවසාන දිනය: 2022 ඔක්තෝබර් 31 11:59 ප.ව. EST.
චිත්‍ර ඉදිරිපත් කළ යුතු කිරීමේ Facebook ලින්කු (Links) පහත දක්වා ඇත.

4 සිට 7 දක්වා : Link

8 සිට 12 දක්වා : Link

13 සිට 16 දක්වා : Link

5. චිත්‍ර පිළිබද විස්තර

තේමාව : අනාගත ශ්‍රී ලංකාව

කඩදාසියේ ප්‍රමාණය : A4 පමණි

කඩදාසි : සුදු කඩදාසි

වර් ණ: පැස්ටල්, පෝස්ටර් වර් ණ, දිය සායම්

6. ත්‍යාග

සියලුම වයස් කාණ්ඩ සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීම බැංකුව විසින් පත් කරන ලද විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරනු ලැබේ.

සැනසිලි ත්‍යාග 10ක් පිරිනැමෙන අතර එක් එක් කාණ්ඩය යටතේ මුහුණු පොතේ (Facebook) ජනප්‍රියතම Like ප්‍රමාණයක් ඇති එක් එක් වයස් කාණ්ඩ අතුරින් ජනප්‍රියතම ඉදිරිපත් කිරීම් 5ක් තෝරා ගනු ලැබේ.

සෑම තෑග්ගකටම අදාළ වටිනාකම් පහත දැක්වේ: එක එක වයස් කාණ්ඩය සඳහා
ත්‍යාග මුදලHNB සිගිති ගිණුම් හිමියන්ට ත්‍යාග මුදල දෙගුණ කරනු ලැබේ.(කොන්දේසි කියවා බලන්න)
ප්‍රථම ස්ථානයRs. 25,000/-Rs.50,000/-
දෙවන ස්ථානයRs. 20,000/-Rs.40,000/-
තෙවන ස්ථානයRs. 15,000/-Rs.30,000/-
සැනසිලි ත්‍යාග 10ක්Rs. 2,500/-Rs.5,000/-
වඩාත්ම ජනප්‍රිය චිත්‍ර 5තහවුරු කිරීමට නියමිතව තිබේ

2022 ඔක්තෝබර් 1-31 දකවා කාලය තුළ දරුවාගේ HNB සිගිති ඉතිරි කිරීමේ ගිණුමට රු.1000 ක අවම තැන්පතුවක් සිදු කරන්නේ නම් ත්‍යාග මුදල දෙගුණ වේ.

වඩාත් ජනප්‍රිය චිත්‍ර සඳහා ලබා දෙන ත්‍යාග 15 ක් සඳහා මෙය අදාළ නොවේ.

වඩාත්ම ජනප්‍රිය චිත්‍ර තීරණය කරනු ලබන්නේ අදාළ වයස් කාණ්ඩය යටකේ HNB නිළ Facebook පිටුවට නිසි ලෙස යොමු කරන ලද චිත්‍රවලට ලැබුණු Facebook Likes ප්‍රමාණය මත වේ. මෙය leaderboard පුවරුවක ප්‍රදර් ශනය කෙරේ. Link

ජයග්‍රාහකයින් තෝරා ගැනීමෙන් පසු HNB Facebook පිටුවෙහි තෝරා ගත් චිත්‍රයට පහළින් comment එකක් ලෙස හෝ Facebook මැසෙන්ජර් පණිවිඩයක් හරහා ජයග්‍රාහකයින්ට දැනුම් දෙනු ලැබේ. spam, junk (අනවැසි විදුත් තැපෑල ), වෙනත් ආරක්ෂක සැපයුම් නිසා හෝ ජයග්‍රාහකයන් විසින් සපයන ලද වැරදි සම්බන්දතා තොරතුරු හේතුවෙන් ජයග්‍රාහකයෙකු සම්බන්ධ කිරීමට අසමත් වීම සම්බන්දයෙන් HNB වගකීම දරන්නේ නැත. තෝරාගත් ජයග්‍රාහකයා සම්බන්ද කර ගත නොහැකි නම්, දැනුම්දීම යවා දින 3ක් ඇතුළත ත්‍යාගය සදහා පෙනී සිටීමට අපොහොසත් වුවහොත් හෝ සම්පූර්ණ කල පිළිතුරු ප්‍රකාශයක් නියමිත වේලාවට ලබා ගැනීමට අපොහොසත් වුවහොත්, ත්‍යාගය අහිමි වියහැකි අතර විකල්ප ජයග්‍රාහකයෙකු තෝරාගනු ලැබේ.

7. සහභාගිවන්නන් විසින් ලබා දෙනු ලබන අයිතීන්

මෙම තරඟයට ඇතුල් වීමෙන්, HNB විසින් ඔබගේ චිත්‍රය මුද්‍රණය කිරීමට, ප්‍රකාශයට පත් කිරීමට, විකාශ්‍නය කිරීමට, බෙදා හැරීමට සහ භාවිතා කිරීමට අමතර දැනුම් දීමකින් තොරව, එකී නිර් මාණය සහ ජයග්‍රාහකයාගේ නම, සිතුවම, පින්තූරය, රූපය හෝ ප්‍රකාශයන් තරඟ පිළබද වාර් ථා, ප්‍රචාරණය හෝ තොරතුරු සහ වෙළෙදාම, ප්‍රචාරණය, මහජන සම්බන්ධතා සහ ප්‍රවර්ධන අරමුණු සඳහා වැඩිදුර වන්දි ගෙවීමකින් තොරව භාවිතා කළ හැකි බව ඔබ විසින් වටහා ගනු ලැබේ.

8. වෙනස්කම්

HNB ආයතනයට ස්වකීය කැමැත්තෙන් තරඟය අවලංගු කිරීමට, අවසන් කිරීමට, වෙනස් කිරීමට හෝ අත්හිටුවීමට අයිතියක් තිබේ.




Post a Comment

Previous Post Next Post